තම 44 හැවිරිදි අනියම් බිරිඳ සැමියා පැමිණ රැගෙන ගිය ශෝකයට 22 හැවිරිදි තරුණයා මෙලොව හැරයයි

වයස අවුරුදු 44 ක සිව් දරු මවක සමග මාස 5 ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු  (24)වෙනිදා ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම නිසා සිත්තැවුලට පත්ව එදින රාත‍්‍රියේම ගෙල වැලලාගෙන මියයාමේ ශෝකජනක පුවතක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය සැකෙවින් මෙසේ ය.

තරුණයා මව හා පියා නොමැතිව සිය මිත්තනිය ලඟ වෙසෙන කුලී කරමින් ජීවත් වන්නෙකි. මීට කලකට පෙර හෙතෙම කුලී වැඩ සඳහා කුච්චවේලි ප‍්‍රදේශයට ගොස් ඇති අතර එහිදී මෙම 44 හැවිරිදි කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇත.

කෙසේ හෝ සම්බන්ධය බොහෝ දුර දිය ගොස් ඇති අතර අවසානයේ සිව් දරු මව, සිය වැඩිමහල් දරු තිදෙනා හැරදමා වයස අවුරුදු 1 1/2 ක් පමණ වූ දරුවාද සමග තරුණයා සමග කන්තලේ නිවසට පැමිණ ඇත.

ඉන්න හිටින්නට හරි හමන් ගෙයක් දොරක් නැති අන්ත අසරණ අයුරින් ජීවත් වන තරුණයා සමග මෙම මව මාස 5 ක් පමණ එකට ජීවත්වී ඇත.

ඒත් පෙරේදා  හිටිගමන් ඇයගේ නියම ස්වාමිපුරුෂයා පැමිණ සිව්දරු මව රැගෙන ගොස් ඇත. සිද්ධියට මුහුණ දුන් තරුණයා සිත්තැවුලෙන් බොහෝ සේ කල්පනා කරමින් සිට රාත‍්‍රී 8.00 ට පමණ සිය නිවස ඉදිරිපිට ඇති කොස් ගසේ අත්තක රෙදි පටියකින් ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

කන්තලේ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතාගේ උපදෙස් පිට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ඩබ්.එම්.එස්.ඒකනායක මහතාගේ නිරීක්ෂණය මත පොලිස් සැරයන්වරුන් වන ලියනගේ (26959) ජයසිංහ (61586) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57