තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් දෙවනවරටත් සමුගනී

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

මෙය ඔහු සිය වෘත්තීය ජීවිතයට සමුදුන් දෙවන අවස්ථාව මෙට බවටයි වාර්තා වුණේ.

මීට පෙර ඉක්බාල් 2023 ජූලි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බවට නිවේදනය කර; පැය 24ක් ඇතුළත එම තීරණය වෙනස් කළා.

ඒ, එවකට බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ මැදිහත්වීම මතයි.

තමීම් පසුගිය බදාදා බංග්ලාදේශ තේරීම් කමිටුවට තම තීරණය දැනුම් දී ඇති අතර, එහිදී ගාසි අෂ්රෆ් හොසේන් ප්‍රමුඛ තේරීම් කමිටුව එළඹෙන චැම්පියන්ස් කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට නැවත පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙනවා.

නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඇතුළු බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඔහුගෙන් සමුගැනීමේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තමීම් එම ඉල්ලීම් නොසලකා හරිමින් ඊයේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

සිය සමුගැනීම නිවේදනය කරමින් තමීම් ඉක්බාල් සඳහන් කළේ,

“මටත් ගෙදර රසිකයෙක් ඉන්නවා. මගේ පුතා කවදාවත් මට මේක කෙලින්ම කියලා නැහැ, නමුත් එයා එයාගේ අම්මට කීපවතාවක්ම කියලා තියෙනවා එයාගේ තාත්තා ආයෙත් ජාතික කණ්ඩායමේ ජර්සියෙන් සෙල්ලම් කරනවා දකින්න ඕන කියලා. රසිකයන් කලකිරීමට පත් කිරීම ගැන මට කණගාටුයි. මම මගේ පුතාට කිව්වා, ඔයා ලොකු වුණාම, ඔයා ඔයාගේ තාත්තාව තේරුම් ගනීවි කියලා.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33