තමිල්නාඩු මහ ඇමති සහ ඇමති ජීවන් තොණ්ඩමන් අතර හමුවක්

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඉන්දීය සම්භවයක් ඇති උඩරට කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවති බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

තමිල්නාඩු මහ ඇමතිවරයා සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අතර හමුවක් අද (29) සිදු වූයේ තමිල්නාඩු මහ ඇමතිවරයාගේ නිල නිවසේ දීයි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රි ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාවගේ සංවර්ධනය සඳහා තමිල්නාඩු රජයේ දායකත්වය අවශ්‍ය බව අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් පෙන්වා දී තිබෙනවා.

පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ පැවති දැඩි ආර්ථික අපහසුතාවයේදී තමිල්නාඩු රජය සහල් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මෙහිදී අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කරනු ලැබුවා.

දෙරටේ ධීවරයන්ට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති ධීවර ගැටලුවට සුමට විසඳුමක් ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී තමිල්නාඩු මහ ඇමතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

කඳුකරයේ අධ්‍යාපනය සංවර්ධන කිරීම සඳහා තමිල්නාඩු රජයට ඉල්ලීම් හතරක් ජීවන් තොණ්ඩමන් විසින් ඉදිරිපත් කළ අතර කඳුකරයේ සිසුන්ට තමිල්නාඩුවේදී උපාධි හැදෑරීම සඳහා ලබාදිය හැකි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.

එමෙන්ම ද්‍රවිඩ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගතව ඇති බැවින් ඔවුන්ගේ කලාත්මක භාවය පිළිබඹු කිරීම සඳහා මලයාලම් 200 නැමති උත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබන නොවම්බර් මාසයේදී පවත්වන බව සහ ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් ද අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා.

ශ්‍රි ලංකාවේ ද්‍රවිඩ කම්කරු ජනතාවට ඉන්දියාව විසින් ආධාර වැඩසටහන් රැසක් සිදු කර ඇති බව හා ලංකා කම්කරු කොංග්‍රසය හා තමිල්නාඩු ඩී. එම්. කේ. පක්ෂය සමග අඛන්ඩව ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවද අමාත්‍ය තොනන්ඩමන් මහතා මෙහෙදී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?