තමිල්නාඩු මහ ඇමති සහ ඇමති ජීවන් තොණ්ඩමන් අතර හමුවක්

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඉන්දීය සම්භවයක් ඇති උඩරට කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවති බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

තමිල්නාඩු මහ ඇමතිවරයා සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අතර හමුවක් අද (29) සිදු වූයේ තමිල්නාඩු මහ ඇමතිවරයාගේ නිල නිවසේ දීයි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රි ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාවගේ සංවර්ධනය සඳහා තමිල්නාඩු රජයේ දායකත්වය අවශ්‍ය බව අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් පෙන්වා දී තිබෙනවා.

පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ පැවති දැඩි ආර්ථික අපහසුතාවයේදී තමිල්නාඩු රජය සහල් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මෙහිදී අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කරනු ලැබුවා.

දෙරටේ ධීවරයන්ට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති ධීවර ගැටලුවට සුමට විසඳුමක් ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී තමිල්නාඩු මහ ඇමතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

කඳුකරයේ අධ්‍යාපනය සංවර්ධන කිරීම සඳහා තමිල්නාඩු රජයට ඉල්ලීම් හතරක් ජීවන් තොණ්ඩමන් විසින් ඉදිරිපත් කළ අතර කඳුකරයේ සිසුන්ට තමිල්නාඩුවේදී උපාධි හැදෑරීම සඳහා ලබාදිය හැකි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.

එමෙන්ම ද්‍රවිඩ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගතව ඇති බැවින් ඔවුන්ගේ කලාත්මක භාවය පිළිබඹු කිරීම සඳහා මලයාලම් 200 නැමති උත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබන නොවම්බර් මාසයේදී පවත්වන බව සහ ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් ද අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා.

ශ්‍රි ලංකාවේ ද්‍රවිඩ කම්කරු ජනතාවට ඉන්දියාව විසින් ආධාර වැඩසටහන් රැසක් සිදු කර ඇති බව හා ලංකා කම්කරු කොංග්‍රසය හා තමිල්නාඩු ඩී. එම්. කේ. පක්ෂය සමග අඛන්ඩව ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවද අමාත්‍ය තොනන්ඩමන් මහතා මෙහෙදී පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16