තමා COPF සභාපති ධූරයෙන් ඉවත් කළ බව හර්ෂ කියයි

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපති ධූරයෙන් තමන් ඉවත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ විපක්ෂය විසින් එම තනතුර සඳහා තම නම යෝජනා කර තිබූ අතර එම පත් කිරීම ද දින දෙකකට පෙර අනුමත වූ බවයි.

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස අද රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් කර ඇති බව හර්ෂ ද සිල්වා සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා. .

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වන අතර තේරීම් කමිටුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහු පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තමාගේ පත්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා තේරීම් කමිටුවේ සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩි දෝෂාරෝපණයක් ද එල්ල කළා.

පසුගිය අඟහරුවාදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් නිවේදනය කළේ තමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස පත් කළ බවයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විවිධ හේතු දක්වමින් තමාගේ පත්වීම පිළිබඳ නිල ප්‍රකාශය නිකුත් කිරීම ප්‍රමාද කරන බවට එදිනම ඔහු චෝදනා කරනු ලැබුවා.

Harsha de Silva Twitter
පසුගිය 21 වනදා මන්ත්‍රී හර්ෂ ද සිල්වා තැබූ ට්විටර් සටහන පහතින්
Harsha Twiter 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?