Empty Ad
AFC Banner
Empty Ad

තමන් මියගිය විට සිදුවිය යුතු දේ ගැන චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (30) සිය ජන්ම දිනය සමරනවා.

ඇය අද දින සමරන්නේ ඇගේ 76 වැනි ජන්ම දිනය යි.

මේ අතර සිය ජන්ම දිනයේ දී තම නිල ෆේස්බුක් පිටුවෙහි කුමාරතුංග මහත්මිය විශේෂ සටහනක් තබා තිබෙනවා.

මීට හැත්තෑ හය වසරකට පෙර තමන් වෙලොවට පැමිණියේ තනිව, හිස් අතින් බවයි ඇය පවසන්නේ.

එමෙන්ම කවදා හෝ මෙලොවින් නික්මෙන්නේ ද තනිව බව ඇයගේ සටහනෙහි දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙලොව හැර යන ඕනෑම කෙනෙකු එක් දෙයක් පමණක් රැගෙන යන බවත්, ජීවිත කාලය පුරා සිදු කළ දෑ අනුව තීරණයවන හොඳ නම හෝ නරක නම පමණක් එලෙස රැගෙන යන බවත් ඇය පවසනවා.

මෙම යතාර්ථය තමන් කුඩා කල සිටම තේරුම් ගත් දෙයක් බවයි හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කරන්නේ.

තමන් ජීවිත කාලය පුරාම ක්‍රියා කළේ ලොව යහපත් තැනක් කිරීමට බව ද ඇය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම කවදා හෝ තමා මිය ගිය දවසට තමා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයට ගත හැකි නම් සිය සතුට එය බව යි ඇය පවසන්නේ.

හිටපු ජනාධිපතිවරිය තැබූ සම්පූර්ණ සටහන පහතින්…

screenshot wwwfacebookcom 20210630 08 40 18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?