තබ්ලා විශාරද සකීර් හුසේන් දිවි ගමනින් සමුගනී

තබ්ලා විශාරද ඉන්දීය ජාතික සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි රෝහලකදී මිය ගිය බව ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.

පසුගිය සති දෙකක කාලය තුළ ඔහු රෝහල්ගතව සිටි අතර, ඔහුගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට මාරු කල බවයි ඔහුගේ ඥාතීන් පැවසුවේ.

1951 මාර්තු 09 වන දින උපත ලද සකීර් හුසේන්, ජනප්‍රිය තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛාගේ පුත්‍රයා වනවා.

වයස අවුරුදු හතේ සිට ඔහු රවි ශංකර්, අලි අක්බර් ඛාන් සහ ශිව්කුමාර් ෂර්මා ඇතුළු ඉන්දියාවේ ජනප්‍රිය කලාකරුවන් සමඟම වෘත්තීය ජීවිතය තුළ සහයෝගයෙන් කටයුතු අයෙක්.

හුසේන් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන හතරක් දිනාගෙන ඇති අතර, ඉන් සම්මාන තුනක්ම දිනාගත්තේ මේ වසර මුල දී පැවති 66 වන ග්‍රැමී සම්මාන උළෙලේ දීයි

මෙම කිරිතිමත් තබ්ලා වාදකයා ඉන්දියාව තුළ පිරිනැමෙන පද්ම ශ්‍රී සම්මානයෙන් 1988 වසරේ දී පාත්‍ර වූ අතර, 2002 දී පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා.

පද්ම විභූෂණ සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ 2023 වසරේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?