Empty Ad
AFC Banner
Empty Ad

තනිව සිටි දෙදරු මව සොයා ආ තරුණයා නතර වූ තැන

රෙදි කැබැල්ලකින් ඔතා තිබූ කාන්තා මළ සිරුරක් පූඩළුඔය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

එම කාන්තාව තියුණු ආයුධයකින් කපා කොට දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේවන විට අනාවරණය වී ඇත්තේ පූඩළුඔය, සීන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව යි.

ඊයේ (29) අළුයම් කාලයේ දී ඇයව ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

මළ සිරුර හමුවී ඇත්තේ ද ඇය විසූ නිවසෙහි මුළුතැන්ගෙය තුළ තිබිය දීයි.

මේ අතර මෙම අපරාධයට සැක පිට 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

ඔහු මියගිය කාන්තාවගේ නිවස ආසන්නයේ පදිංචිකරුවෙකු බවට සඳහන්.

මෙම කාන්තාව සිය නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඇය දෙදරු මවක් ද වන බව පැවසෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් පුඩළුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?