AFC Banner
Empty Ad

තද වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (11) දහවල් නිකුත් කළ එම නිවේදනය හෙට (12) දහවල් 12.30 දක්වා වලංගුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව ඊසානදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
5
+1
3
+1
12
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?