තත්වය නරක අතට

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ක‍්‍රියාවට නැංවීම සඳහා රජය බැ`දී නොමැති බව ඇතැම් අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළත් සත්‍ය තත්ත්වය වන්නේ එම යෝජනා අනිවාර්යෙන්ම ක‍්‍රියාවට නැංවිය යුතු බවයි.

වසර කීපයක්ම යෝජනා වූ ජිනීවා යෝජනාවන් ක‍්‍රියාවට නැංවීමට ඒ ඒ කාලවල රජයන් අපොහොසත් වී තිබීම නිසා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරී ඇති බව කී මන්ත‍්‍රීවරයා එවැනි පසුබිමක අවාසනාවන්ත තත්ත්වය වන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණීම බවද පැවසීය.

ජිනීවා මානව හිමිකම් කමිටුවේ නිර්දේශවලට අනුව ශ‍්‍රී ලංකා රජයට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හා ජිනීවා යෝජනාවලට වගවීම් සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බව අමාත්‍යවරුන් තේරුම් ගෙන ප‍්‍රකාශ නිකුත් කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38