තණමල්විල භූ කම්පනය ගොඩබිම සිදුවූවක් නොවේ

තණමල්විල ප්‍රදේශයේ හටගත් භූ කම්පන තත්ත්වය ගොඩබිම තුල සිදුවූ කම්පන තත්වයක් නොවන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඉන්දියානු සාගරයේ හටගත් භූ කම්පනයක බලපෑමක් මෙම කම්පනය ඇති වීමට හේතු වී තිබෙනවා. 

මෙවැනි කම්පන තත්වයන් පිලිබදව ජනතාව දැනුවත්වී සිටීම ඉතා වැදගත් බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

තණමල්විල ප්‍රදේශයෙන් පසුගිය 24 වනදා රාත්‍රී 9.20 ට පමණ සුඵ භූ කම්පනයක් වාර්තා විය.

එම භූ කමිපනය රිච්ටර් මාපකයේ ඒකක 2 ක පමණ සුඵ භූ කමිපනයක් බවයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?