තංගල්ල – ගොඩිගමුවේ මාරක අනතුරකින් මාස 07ක බිළිඳිය අවසන් ගමන් යයි (වීඩියෝ)

තංගල්ල, ගොඩිගමුව ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මාස 07ක කුඩා බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වල්පොළ හේවාගේ නෙතුලි නැමැති කුඩා බිළිඳියක්.

තංගල්ල ප්‍රදේශයේ සිට අඟුණුකොළපෑලැස්ස බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ රන්න⁣ ප්‍රදේශයේ සිට තංගල්ල බලා ගමන් ගත් ලොරි රථයක් ගොඩිගමුව ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ එකම පවුලේ පස්දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ එම පිරිස සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් පසුවයි මාස 07ක කුඩා බිළිඳිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බරපතළ තත්ත්වයේ පසුවූ මියගිය බිළිඳියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ලොරි රථය පැදවූ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

https://youtu.be/Q2lDhl1C8Dw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
0
+1
1
+1
92
+1
8
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39