තංගල්ලේ දී අද (22) අත්අඩංගුවට ගත් සමස්ථ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 635ක් බව පොලිසිය පවසනවා.
ලොරි රථ තුනක් තුළ සඟවා තිබිය දී මෙම අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය මෙසේ සොයා ගැනීමට හැකි වුණා.
මෙම මත්ද්‍රව්‍ය සමඟ රිවෝල්වර් වර්ගයේ ගිනි අවි පහක් සහ T-56 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට ලැබුණු තොරතුරු මත මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
1
+1



