ණය ප්‍රතිව්‍යුහගතකරණය ජුනි මස දී අවසන් කිරීම රජයේ අරමුණයි – රංජිත් සියඹලාපිටිය

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්,

ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ 2022 වර්ෂයේ දී ආර්ථික අර්බුධය ඇතිවන අවස්ථාව වන විට ඩොලර් බිලියන 90ක පමණ ණය මුදලක් ගෙවීමට තිබූ බවයි.

ඉන් අඩක් දේශිය ණය ලෙසත්, ඉතිරි කොටස විදේශ ණය ලෙසත් තිබූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

දේශිය ණය ප්‍රතිව්‍යූහගතකරණය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව සඳහන් කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විදේශ ණය බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත බව සඳහන් කළා.

එම බහු පාර්ශවීය ණය අඛණ්ඩව ගෙවීමට කටයුතු කළ බව පැවසු ඔහු ද්වි පාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා සාර්ථකව මේ වන විට පැවැත්වෙමින් ඇති බවයි පැවසුවේ.

රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමාකර ගිවිසුම් ගතවීමටත්, ස්වෛරීත්ව බැදුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විටත්, ජුනි මාසය වන විට මෙරට තිබූ ගැඹුරුම ආර්ථික ප්‍රශ්නයක්වන ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම නිමා කිරීමත් ඉලක්කය බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?