ඩොලර් හිඟය නිසා තානාපති කාර්යාල තුනක් වැසේ

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ .

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.

මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,සිඩ්නි නුවර කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් කාර්යාල යටත් , පැවරෙනු ඇත.

ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල 63 ක් පවත්වාගෙන යන අතර ,මෙම කාර්යාල තුන වසා දැමීමත් සමග එම සංඛ්‍යාව 60 දක්වා අඩු වනු ඇත . ඩොලර් අර්බුදය හේතුවෙන් එම ලංකා දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අත්සන් ලක්ෂයක්..ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21
Video thumbnail
විශේෂ නිවාඩු දින දවසේ ගාල්ලේ නවතම තත්ත්වය මෙන්න - සමහර ආයතන පාළුවට ගිහිල්ලා
01:33
Video thumbnail
බණ්ඩාරගම වෙල්යායක හදිසියේම ඇතිවූ ගින්න - ළඟටවත් යන්න බෑ - අක්කර ගාණක් අළුවෙලා
01:05
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව 🔴 LIVE
21:31
Video thumbnail
ගෝඨාභය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..හමුදා බුද්ධි අංශ අන්තවාදි කල්ලි එක්ක සබඳතා තිබිලා..
03:30