ඩොලර් මිලියන 400කට වඩා වටිනා මැණිකක් නිසා ව්‍යාපාරිකයෙකුට දේශපාලනික බලපෑම්?

2017 වසරේ දී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 400කට වඩා අධික මිලක් සහිත විශේෂිත මැණික් පාෂාණයක් නිසා තමන්ට දේශපාලනික වශයෙන් තර්ජන එල්ල වී ඇතැයි මැණික් ව්‍යාපාරිකයකු වන තුෂාර පෙරේරා මහතා පවසනවා.

මෙම මැණික් විශේෂය කොරන්ඩම් නමැති මැණික් කුලයට අයත් බර කැරට් 350ක් පමණ නිල් මැණික් වර්ගයේ මැණිකක් වන අතර ඒ සඳහා අමෙරිකාව සහ ජර්මනිය මිල දී ගැනීමට සූදානම් වුවත් එම මුදල මෙරටට ගෙන ඒමට නොහැකි තත්ත්වයක් ද මතුවීම නිසා එය අලෙවි කිරීමට අදාළ අමාත්‍යවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

අදාළ පාෂාණ විශේෂය 2017 වසරේ සිට විදේශයකට විකිණීමට උත්සාහ කළ ද; මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ශ්‍රී ලංකාව තුළ රළුගල් සඳහා තක්සේරු වටිනාකමක් ලබා නොදීම නිසා එය ව්‍යාර්ථ වුණා.

මෙම මැණික විදේශයකට අලෙවි කිරීමට නොහැකි වීමේ තත්ත්වයක් ද මතුව තිබෙන්නේ ඔප දැමූ මැණික් ගල් පමණක් අපනයනය කිරීමේ පසුබිමක බවයි පැවසෙන්නේ.

මෙකී කාලය තුළ දී විදේශයට අලෙවි කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඒ සඳහා රුපියල් කෝටි 150ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීමට උත්සාහ කර තිබූ බව ද මෙම මැණික් ව්‍යාපාරකයා පවසනවා.

මෙයට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය අමාත්‍යවරයෙකු ද මෙම ගලේ වටිනාකමට අනුව යම් කිසි මුදලක් ඉල්ලා ඇති අතර ඒ වෙනුවට ඔහුගේ පදනමේ උප සභාපති ධුරය ද පිරිනැමීමට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව දසත ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියා.

මේ හේතුව නිසා 2018 වසරේ දී ඔහුව පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඇති අතර ඔහුව අවිස්සාවේල්ල – පුවක්පිටිය ප්‍රදේශයේ දී අතහැර දමා ගොස් සිටියා.

මෙවන් වටපිටාවක් මත මෙම පාෂාණ වර්ගයේ වටිනාකමට අනුව මුදල් ලැබුණ ද; රළුගල් සඳහා තක්සේරු වටිනාකමක් මෙරට තුළ නොමැති වීම හේතුවෙන් එම පාෂාණය විදේශයකට අපනයනය කිරීමට මෙරට නීතියට අනුව ඉඩක් ලැබෙන්නේ ද නැහැ.

අදාළ පාෂාණයට එතෙරින් මිලක් ලැබුණ ද එම මුදල් ලංකාවට ගෙන ඒම ද අසීරු තත්ත්වයක ඇති බැවින් තමන් හට සහනයක් සැලසීමට වත්මන් රජය සමග සාකච්ඡා කිරීමට ඔහු සූදානම් බවත් තුෂාර පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08