ඩොලර් මිලියන 400කට වඩා වටිනා මැණිකක් නිසා ව්‍යාපාරිකයෙකුට දේශපාලනික බලපෑම්?

2017 වසරේ දී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 400කට වඩා අධික මිලක් සහිත විශේෂිත මැණික් පාෂාණයක් නිසා තමන්ට දේශපාලනික වශයෙන් තර්ජන එල්ල වී ඇතැයි මැණික් ව්‍යාපාරිකයකු වන තුෂාර පෙරේරා මහතා පවසනවා.

මෙම මැණික් විශේෂය කොරන්ඩම් නමැති මැණික් කුලයට අයත් බර කැරට් 350ක් පමණ නිල් මැණික් වර්ගයේ මැණිකක් වන අතර ඒ සඳහා අමෙරිකාව සහ ජර්මනිය මිල දී ගැනීමට සූදානම් වුවත් එම මුදල මෙරටට ගෙන ඒමට නොහැකි තත්ත්වයක් ද මතුවීම නිසා එය අලෙවි කිරීමට අදාළ අමාත්‍යවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

අදාළ පාෂාණ විශේෂය 2017 වසරේ සිට විදේශයකට විකිණීමට උත්සාහ කළ ද; මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ශ්‍රී ලංකාව තුළ රළුගල් සඳහා තක්සේරු වටිනාකමක් ලබා නොදීම නිසා එය ව්‍යාර්ථ වුණා.

මෙම මැණික විදේශයකට අලෙවි කිරීමට නොහැකි වීමේ තත්ත්වයක් ද මතුව තිබෙන්නේ ඔප දැමූ මැණික් ගල් පමණක් අපනයනය කිරීමේ පසුබිමක බවයි පැවසෙන්නේ.

මෙකී කාලය තුළ දී විදේශයට අලෙවි කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඒ සඳහා රුපියල් කෝටි 150ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීමට උත්සාහ කර තිබූ බව ද මෙම මැණික් ව්‍යාපාරකයා පවසනවා.

මෙයට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය අමාත්‍යවරයෙකු ද මෙම ගලේ වටිනාකමට අනුව යම් කිසි මුදලක් ඉල්ලා ඇති අතර ඒ වෙනුවට ඔහුගේ පදනමේ උප සභාපති ධුරය ද පිරිනැමීමට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව දසත ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියා.

මේ හේතුව නිසා 2018 වසරේ දී ඔහුව පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඇති අතර ඔහුව අවිස්සාවේල්ල – පුවක්පිටිය ප්‍රදේශයේ දී අතහැර දමා ගොස් සිටියා.

මෙවන් වටපිටාවක් මත මෙම පාෂාණ වර්ගයේ වටිනාකමට අනුව මුදල් ලැබුණ ද; රළුගල් සඳහා තක්සේරු වටිනාකමක් මෙරට තුළ නොමැති වීම හේතුවෙන් එම පාෂාණය විදේශයකට අපනයනය කිරීමට මෙරට නීතියට අනුව ඉඩක් ලැබෙන්නේ ද නැහැ.

අදාළ පාෂාණයට එතෙරින් මිලක් ලැබුණ ද එම මුදල් ලංකාවට ගෙන ඒම ද අසීරු තත්ත්වයක ඇති බැවින් තමන් හට සහනයක් සැලසීමට වත්මන් රජය සමග සාකච්ඡා කිරීමට ඔහු සූදානම් බවත් තුෂාර පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?