AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් බිලියනයක ගිවිසුමට අත්සන් තබයි

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමට අද පස්වරුවේ අත්සන් තැබුණා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුරයි.

ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙලෙස ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?