AFC Banner
AFC Banner
Empty Ad

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් වැළකී යයි – වෙඩික්කරු අත්අඩංගුවට

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ෆ්ලොරීඩා හි බටහිර පාම්බීච් ප්‍රදේශයේ ගොල්ෆ් පිටියක දී ට්‍රම්ප්ව මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල එල්ලකර ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අපරාධය සිදුකිරීමට පැමිණි පුද්ගලයා අල්ලා ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබෙනවා.

ගොල්ෆ් පිටියේ පඳුරු අතර සැඟව සිටි වෙඩික්කරු AK-47 වර්ගයේ ගිනි අවියකින් ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සාහ ගෙඅ ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

රයන් වෙස්ලි රවුත් නැමති සැකකරු වයස අවුරුදු 50ක පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ට්‍රම්ප් මීට පෙර පෙන්සිල්වේනියාවේ ජනාපධිතිවරණ රැළියක් අමතමින් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?