ඩේසි ආච්චිට මිලියන 05ක ශරීර ඇප තුනක් හිමිවෙයි

මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) නියම කළා.

ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ ඇපකරුවන් දෙදෙනකු ළඟ ම ඥාතීන් විය යුතු බවයි.

මුදල් විශුද්ධිකරණය සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දි ඇය අත්අඩංගුවට පත් වුණා.

එහිදී ප්‍රකාශ ලබා ගැනිමෙන් අනතුරුව ඩේසි ⁣ෆොරස්ට් නමැත්තිය පස්වරු 3.20ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිිිිමෙන් පසු ඇප මත මුදා හැරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මේ වන විට මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී නඩුවක් පවතින බැවින් මෙලෙස අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත නොවන බවයි.

එමෙන්ම මේ වන විටත් විදෙස් ගමන් තහනමක් අධිකරණය මගින් ඇයට පනවා ඇති බවත් දැනට වයස අවුරුදු 93ක් වන ඇයට අධිකරණය මගහැර යාමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නා.

තව ද මීට වසර දහයකට පෙර පෞද්ගලික නාලිකාවක් සම්බන්ධයෙන් මෙම නඩුව පොදු දේපළ යටතේ පවරා තිබුණ ද මෑතකදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ මෙම නඩුව පවරා ඇති බව ද නීතිඥවරයා අධිකරණයට කියා සිටියා.

එම කරුණු සැලකිල්ලට ගෙන ඇයට ඇප ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට පැමිණිල්ල විරුද්ධත්වයක් නොදැක්වූවා.

විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් තෙන්නකෝන් සහ ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරු පෙනී සිටියා.

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ටිට එරෙහිව නීතිපතිවරයා විසින් මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ, 2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිඵල ප්‍රදේශයේ ඉඩම් හා දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා යෝෂිත රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනුණු අතර, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21