AFC Banner
AFC Banner
Empty Ad

ඩේවිඩ් වෝනර් ගැන යළි සලකා බලන්න – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ට ඉල්ලීමක්

ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝනර් හට අවම වශයෙන් දේශීය තරගබිමේ දී හෝ නායකයෙකු ලෙස කටයුතු කිරීමට යළි අවස්ථාව ලබාදෙන ලෙස සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රෙග් ෂිපර්ඩ් එරට ක්රිකර් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරඟාවලියක් අතරතුර ‘වැලි කඩදාසි’ යොදා ගනිමින් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ වෝනර්, එවකට නායක ස්ටීව් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට වසරක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.

එම දඬුවමට අමතරව ඩේවිඩ් වෝනර් හට ජීවිතාන්තය තෙක් නායකයෙකු ලෙස කටයුතු කිරීම නොහැකිවන අයුරුන් තහනමක් ද එරට ක්‍රිකට් ආයතන විසින් පැනවීමට තීරණය කළා.

මේ හේතුවෙන් ඔහුට දේශීය තරග බිමේ දී හෝ ඕස්ට්‍රේලියාව සහභාගී වන ජාත්‍යන්තර තරගවලදී නායකයෙකු ලෙස කටයුතු කිරීම වැළකී ගියා.

කෙසේ වෙතත් මෙම දඬුවම් පනවා වසර කිහිපයක් මේ වනවිට ගත වී ඇති මොහොතක, වොනර් මේ වනවිට ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතා හේතුවෙන් මෙම දඬුවම් සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසයි සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රෙග් ෂිපර්ඩ් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ග්‍රෙග් ෂිපර්ඩ් පවසන්නේ එළඹෙන බිග් බෑෂ් තරගාවලියේ දී හෝ නායකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් වෝනර්ට ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් ග්‍රෙග් ෂිපර්ඩ්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?