AFC Banner
AFC Banner
Empty Ad

ඩෙල්ටා වෛරසය මාරාන්තිකයි.. එළියට ආ රහසිගත වාර්තාව මෙන්න

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය අනෙකුත් සියලු වෛරස අභිබවා දැඩි රෝගාබාධ තත්ත්වයන් ඇති කළ හැකි බවත්, පැපොල රෝගය මෙන් පහසුවෙන් පැතිරිය හැකි බවත්, අමෙරිකානු වසංගත රෝග පාලන ආයතනයේ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. ප්‍රසිද්ධියට පත් නොකළ එම වාර්තාවේ පිටපතක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලැබී ඇති අතර, එහි දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගෙන් පවා එන්නත් නොකළ පුද්ගලයින් සේම වෛරසය පැතිරවීමට හැකියාවක් ඇති බවයි.


එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගේ පවා නාස් කුහර සහ උගුරේ සමාන වෛරස් ප්‍රමාණයක් පැවතිය හැකිවීම ඊට හේතුව බව අමෙරිකානු සී.ඩී.සී. ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොචෙල් වැලැන්ස්කි ඉදිරිපත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනවා. 

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මර්ස්, සාර්ස්, එබෝලා, වසූරිය සහ සාමාන්‍ය ප්‍රතිශ්‍යාවටත් වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. බී එක 617 දෙක ලෙස නම් කෙරුණු මුල්වරට ඉන්දියාවෙන් සොයාගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය දරුණු රෝගාබාධ තත්ත්වයක් ඇති කරන නිසා වෛරසයට එරෙහි සටන වෙනස් වී ඇති බවයි අමෙරිකානු අභ්‍යන්තර වාර්තාවේ සඳහන් කර ඇත්තේ. පූර්ණ එන්නත්කරණය ලැබූ අමෙරිකානුවන් අතරින් 35,000 කට පමණ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වී තිබූ බව වාර්තාවේ සඳහන් තවත් කරුණක්. කෙසේ නමුත්, එන්නත් මගින් කොරෝනා ආසාදනය නිසා ඇතිවන බරපතල රෝගාබාධ තත්ත්වය 90% ක් පමණ වළක්වන බවද එමඟින් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?