ඩෙල්ටා විකෘති වී තවත් දරුණු වෛරසයක් නිර්මාණය වෙයි

ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති ඩෙල්ටා වෛරසය (B.1.617.2) විකෘති වීමෙන් සෑදුනු ඩෙල්ටා ප්ලස් (Delta+) නමින් හැඳින්වෙන වෛරස් ප්‍රභේදයක් මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් පුරාවට පැතිර යමින් තිබෙන බවට වාර්තා වෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත 03ක් පුරාවට මේ වන විට මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී ඇති අතර රෝගීන් 22 දෙනෙකුට වඩා හමුව ඇති බවත් සඳහන්.

ඉන්දියාවේ සෞඛ්‍ය ෆෙඩරල් සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂාන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එම ප්‍රාන්තයන් පුරාවට කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත රෝගීන් සොයා ගැනීම සඳහා පරික්ෂණ වැඩි කරන ලෙස පවසා ඇති බවයි.

මෙලෙස පරික්ෂණ වැඩි කිරීමට හේතුව ලෙස දක්වා තිබුණේ ඩෙල්ටා වෛරසය විකෘති වීමෙන් සෑදුනු B.1.617.2.1 නැතිනම් AY.1 ලෙසින් හඳුන්වන නව ඩෙල්ටා ප්ලස් වෛරසය වේගයෙන් සම්ප්‍රේෂණය වීමේ ලක්ෂණ ඇති බවට අනාවරණය වීමයි.

මෙලෙස සොයාගත් රෝගීන් 22 දෙනාගෙන් 16 දෙනෙකුම ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිටි අය බවටද වාර්තා වෙනවා.

නව වෛරසය සම්ප්‍රේෂණය වීම වේගවත් වුවත් එය මාරාන්තිකද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නැහැ. 

ඉන්දියාවේ රෝග පාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය ඇතුළු ඉන්දියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෑතකදී කොරෝනා ආසාදනය වීම් පිළිබඳව සමාලෝචනයක් කර තිබුණත් මෙම නව වෛරස් ප්‍රභේදය පිළිබඳව ඔවුන්ට කරුණු අනාවරණය වී තිබුණේ නැහැ. නමුත් ඔවුන් පසුව ඒ පිළිබඳව කරන ලද පරික්ෂණයකදී හෙළි වී තිබුණේ පසුගිය අපේ‍්‍රල් සහ මැයි මාසවලදී ඉන්දියාවේ දරුණු දෙවන ආසාදන රැල්ල ඉහළ යෑම සඳහා මෙම නව වෛරස් කාණ්ඩය හේතුවන්නට ඇති බවයි.

ඉන්දියාවට අමතරවය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක ඩෙල්ටා ප්ලස් විකෘති වීම පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53