ඩෙල්ටා විකෘති වී තවත් දරුණු වෛරසයක් නිර්මාණය වෙයි

ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති ඩෙල්ටා වෛරසය (B.1.617.2) විකෘති වීමෙන් සෑදුනු ඩෙල්ටා ප්ලස් (Delta+) නමින් හැඳින්වෙන වෛරස් ප්‍රභේදයක් මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් පුරාවට පැතිර යමින් තිබෙන බවට වාර්තා වෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත 03ක් පුරාවට මේ වන විට මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී ඇති අතර රෝගීන් 22 දෙනෙකුට වඩා හමුව ඇති බවත් සඳහන්.

ඉන්දියාවේ සෞඛ්‍ය ෆෙඩරල් සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂාන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එම ප්‍රාන්තයන් පුරාවට කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත රෝගීන් සොයා ගැනීම සඳහා පරික්ෂණ වැඩි කරන ලෙස පවසා ඇති බවයි.

මෙලෙස පරික්ෂණ වැඩි කිරීමට හේතුව ලෙස දක්වා තිබුණේ ඩෙල්ටා වෛරසය විකෘති වීමෙන් සෑදුනු B.1.617.2.1 නැතිනම් AY.1 ලෙසින් හඳුන්වන නව ඩෙල්ටා ප්ලස් වෛරසය වේගයෙන් සම්ප්‍රේෂණය වීමේ ලක්ෂණ ඇති බවට අනාවරණය වීමයි.

මෙලෙස සොයාගත් රෝගීන් 22 දෙනාගෙන් 16 දෙනෙකුම ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිටි අය බවටද වාර්තා වෙනවා.

නව වෛරසය සම්ප්‍රේෂණය වීම වේගවත් වුවත් එය මාරාන්තිකද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නැහැ. 

ඉන්දියාවේ රෝග පාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය ඇතුළු ඉන්දියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෑතකදී කොරෝනා ආසාදනය වීම් පිළිබඳව සමාලෝචනයක් කර තිබුණත් මෙම නව වෛරස් ප්‍රභේදය පිළිබඳව ඔවුන්ට කරුණු අනාවරණය වී තිබුණේ නැහැ. නමුත් ඔවුන් පසුව ඒ පිළිබඳව කරන ලද පරික්ෂණයකදී හෙළි වී තිබුණේ පසුගිය අපේ‍්‍රල් සහ මැයි මාසවලදී ඉන්දියාවේ දරුණු දෙවන ආසාදන රැල්ල ඉහළ යෑම සඳහා මෙම නව වෛරස් කාණ්ඩය හේතුවන්නට ඇති බවයි.

ඉන්දියාවට අමතරවය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක ඩෙල්ටා ප්ලස් විකෘති වීම පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?