ඩෙල්ටා ප්‍රභේදය හමුවීමත් සමඟ ජනතාවට විශේෂ දැනුම්දීමක්

සංචරණ සීමා ලිහිල් කළ ද රට තුළින් ඉන්දියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් හමුවී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරමින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු කරමින් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ දෙමටගොඩ – ආරාමය පෙදෙසින් ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් හමුවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

ඊයේ (20) දිනයේදීත් මෙරටින් නව ආසාදිතයන් 2,028ක් හඳුනාගැනීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 39,689 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2008 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 20 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 35,766 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව දෙලක්ෂ 1,389 ක්.

මේ අතර පසුගිය 19 වනදා සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ 47 ක් වාර්තාකිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,581 ක් දක්වා ඉහළ ගියා.

මියගිය 47 දෙනාගෙන් 27 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 20 දෙනෙකුද ඊට ඇතුළත්.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 14 ලක්ෂ 37,112 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් හාරලක්ෂ 42,657 කට ලබාදී තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ 844 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ තලවකැලේ ප්‍රදේශයේ උත්සවශාලාවක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වූ හත්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් අතර තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයාද වනවා.

ඊට අමතරව ගිරිබාව ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රක්ෂිතයක් හෙළි පෙහෙළි කරමින් සිටි හතරදෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35