“ඩෙල්ටා ප්‍රභේදය” ආසාදනය වූ ආසාදිතයින් දිස්ත්‍රික්ක 04කින් වාර්තා වෙයි

ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගනු ලැබූ  B.1.617.2 හෙවත් ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් හඳුනා ගැනීමට හැකිවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය සඳහන් කර සිටිනවා.

මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 123 දෙනෙකුගේ සාම්පල මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාවක් එම විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් මේ වන විට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් කරුණු දැක්වෙන nextstrain.org යන ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත යොමු කොට තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, කොලොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මිට පෙර සිදුකරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේදී හඳුනා ගනු ලැබුවා.

මේ අතර B.1.1.7. ලෙස හැඳින්වෙන ඇල්ෆා ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රැසකින් තවමත් වාර්තා වන බවයි අදාළ පර්යේෂණ වාර්තා වේ දැක්වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් සිදුකළ මෙම ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේ සම්පුර්ණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත භාරදී ඇති බවයි අප සිදුකළ විමසීමකදී එහි අධ්‍යක්ෂක ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?