“ඩෙල්ටා ප්‍රභේදය” ආසාදනය වූ ආසාදිතයින් දිස්ත්‍රික්ක 04කින් වාර්තා වෙයි

ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගනු ලැබූ  B.1.617.2 හෙවත් ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් හඳුනා ගැනීමට හැකිවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය සඳහන් කර සිටිනවා.

මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 123 දෙනෙකුගේ සාම්පල මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාවක් එම විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් මේ වන විට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් කරුණු දැක්වෙන nextstrain.org යන ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත යොමු කොට තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, කොලොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මිට පෙර සිදුකරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේදී හඳුනා ගනු ලැබුවා.

මේ අතර B.1.1.7. ලෙස හැඳින්වෙන ඇල්ෆා ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රැසකින් තවමත් වාර්තා වන බවයි අදාළ පර්යේෂණ වාර්තා වේ දැක්වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් සිදුකළ මෙම ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේ සම්පුර්ණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත භාරදී ඇති බවයි අප සිදුකළ විමසීමකදී එහි අධ්‍යක්ෂක ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.

  1. පිට පලාත් වලින් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ වල වැඩි විස්තර ලබා දුන්නා නම් ආශ්‍රිතයන් තවදුරටත් අඩුකරන්න තිබුනා ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39