ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු තවත් පුද්ගලයෙක් ව හඳුනාගනී

කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පවසයි.

අදාළ පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන තිබේ.

ආසාදිත පුද්ගලයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති අතර ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටද පියවර ගැනුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා,

“කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය පුද්ගලයෙක්ව තමයි හඳුනාගත්තේ. එහිදී දැනගන්න ලැබුණා මොහු පෙදරේරුවෙක් බවත් ඔහු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් ආයතනය සේවය කරන බවත්ය. අපි සැක කරනවා ඔහුට එම ඉදිකිරීමේ කර්මාන්ත ආයතනයෙන් මෙම ඝනයේ වෛරස ප්‍රභේදය ඔහුට ශරීර ගතවෙන්න ඇති කියලා. ඒ වගේම රාත්‍රි කාලයේ සිදුකළ නිරීක්ෂණවලින් අපට දැනගන්න ලැබුණා ඔහුගේ ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ ඔහු සමඟ එතරම් සමීප සම්බන්ධතාවයක් නොමැති බව. ඒ වගේම එම ප්‍රදේශයේ අහඹු පීසීආර් 100ක් පමණ සිදුකරන්න උපදෙස් ලැබිලා තියෙනවා වසංගත රෝග විද්‍යා ඒකකයෙන්. ඒ අනුව මෙම පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පුද්ගලයින්ගෙන් වෛරසය පිටතට බැහැරව නොයන ලෙස කටයුතු කර තිබෙනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?