ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු තවත් පුද්ගලයෙක් ව හඳුනාගනී

කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පවසයි.

අදාළ පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන තිබේ.

ආසාදිත පුද්ගලයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති අතර ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටද පියවර ගැනුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා,

“කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය පුද්ගලයෙක්ව තමයි හඳුනාගත්තේ. එහිදී දැනගන්න ලැබුණා මොහු පෙදරේරුවෙක් බවත් ඔහු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් ආයතනය සේවය කරන බවත්ය. අපි සැක කරනවා ඔහුට එම ඉදිකිරීමේ කර්මාන්ත ආයතනයෙන් මෙම ඝනයේ වෛරස ප්‍රභේදය ඔහුට ශරීර ගතවෙන්න ඇති කියලා. ඒ වගේම රාත්‍රි කාලයේ සිදුකළ නිරීක්ෂණවලින් අපට දැනගන්න ලැබුණා ඔහුගේ ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ ඔහු සමඟ එතරම් සමීප සම්බන්ධතාවයක් නොමැති බව. ඒ වගේම එම ප්‍රදේශයේ අහඹු පීසීආර් 100ක් පමණ සිදුකරන්න උපදෙස් ලැබිලා තියෙනවා වසංගත රෝග විද්‍යා ඒකකයෙන්. ඒ අනුව මෙම පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පුද්ගලයින්ගෙන් වෛරසය පිටතට බැහැරව නොයන ලෙස කටයුතු කර තිබෙනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39