Empty Ad
AFC Banner
Empty Ad

ඩෙංගු ව්‍යාප්තිය සුළු මට්ටමකින් වැඩිවෙයි (වීඩියෝ)

2024 වර්ෂයේ දී යම් තාක් දුරකට ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කළ ද නව වසරේ මුල් මාසය අවසාන වන විට රෝග ව්‍යාප්තියේ යළිත් සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මේ වනවිට (24) බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවත් ඉන් කොළඹ මහ නගර සභාව ඇතුළු ව කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් සැලකිය යුතු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දිස්වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට ඩෙංගු රෝගීන් දිවයින පුරා 3650ක් පමණ වාර්තා වී ඇති අතර රත්නපුර, යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු තරම් රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

පසුගිය දිනවල ඇදහැලුණ ධාරාණිපාත වර්ෂාවත් සමග මෙම තත්ත්වය සිදු ව ඇති බවයි සුදත් සමරවීර මහතා පැවසුවේ.

ඒ හේතුවෙන් තමන් ජීවත් වන පරිසරය පිරිසිදු ව තබා ගැනීමටත් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?