ඩෙංගු ව්‍යාප්තිය සුළු මට්ටමකින් වැඩිවෙයි (වීඩියෝ)

2024 වර්ෂයේ දී යම් තාක් දුරකට ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කළ ද නව වසරේ මුල් මාසය අවසාන වන විට රෝග ව්‍යාප්තියේ යළිත් සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මේ වනවිට (24) බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවත් ඉන් කොළඹ මහ නගර සභාව ඇතුළු ව කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් සැලකිය යුතු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දිස්වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට ඩෙංගු රෝගීන් දිවයින පුරා 3650ක් පමණ වාර්තා වී ඇති අතර රත්නපුර, යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු තරම් රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

පසුගිය දිනවල ඇදහැලුණ ධාරාණිපාත වර්ෂාවත් සමග මෙම තත්ත්වය සිදු ව ඇති බවයි සුදත් සමරවීර මහතා පැවසුවේ.

ඒ හේතුවෙන් තමන් ජීවත් වන පරිසරය පිරිසිදු ව තබා ගැනීමටත් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39