ඩෙංගු රෝගීන් 50,264ක් – මරණ තිස් එකෙන් වැඩිම පිරිසක් අවුරුදු 25ත් – 49ත් අතර

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 50,264 දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කරනවා.

ගෙවී ගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,816ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය පැවසුවේ.

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් 25,048ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 11,003ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 10,801ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3175ක් වාර්තා වී ඇති බව සඳහන්.

ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව ද ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඉන් පස්දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර, කොළඹ, මඩකලපුව, පුත්තලම, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගය වැළදුණු සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.

එමෙන්ම කළුතර, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවලින් ඩෙංගු මරණ දෙක බැඟින් ද කුරුණෑගල, යාපනය, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් ඩෙංගු මරණය බැඟින් ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළේ.

මෙලෙස මිය ගිය අය අතර, වයස අවුරුදු 01ට අඩු කුඩා දරුවෙක් වයස අවුරුදු 05 – 09 අතර දරුවන් දෙදෙනෙක් ද වනවා.

ඩෙංගු රෝගය වැළඳීමෙන් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ත් – 49ත් අතර වයසේ පසුවන අයවන අතර එම සංඛ්‍යාව 15ක්.

මේ අතර ඩෙංගු මර්ධන ඒකකය තුළ සේවය කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙක් අනුප්‍රාප්තිකයෙකු නොමැතිව වෙනත් ස්ථානවලට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?