ඩෙංගු රෝගීන් 19,724ක් – වැඩිම පිරිස බස්නාහිරින්

ඊයේ (12) දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 19,724 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඉන් වැඩිම රෝගීන් පිරිසක් අප්‍රේල් මාසයේ වාර්තා වී ඇති බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා එම සංඛ්‍යාව 5,175ක් බවයි පැවසුවේ.

ඊට අමතරව මේ මාසයේ මුල් දින 12 වනවිට ඩෙංගු රෝගීන් 2,178ක් වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෛද්‍යවරයා සඳහන් කර සිටියේ මෙම වසරේ මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ඉදිරියේ දී ඇතිවන වර්ෂාමය කාලගුණයත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි මෙහිදී වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් මේ මස 19 වනදා සිට 24 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?