ඩෙංගු දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

ඩෙංගු දෙවන රැල්ලක් දෙසැම්බර් මාසයේ දී පැතිර යාමේ අවදානමක් පවතින බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන ගජනායක අනතුරු ඇඟවනවා.

ඩෙංගු පළමු රැල්ල මෙම වසරේ ජුනි සහ ජූලි මාසවල දී පැතිර ගිය බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට ඩෙංගු වැඩිම අවදානමක් බස්නාහිර පළාත තුළ පවතින බවයි.

ඒ, අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ පැවති 50%ක අවදානම 80%ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පැතිරයාමේ අවදානමක් ඇති ඩෙංගු දෙවන රැල්ලක් මෙම අවස්ථවේ දීම නවතාගත නොහැකි වුවහොත් ලබන වසර දක්වාම එය පැතිර යන බවයි කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවා සිටියේ.

මෙම රෝගය වඩාත් ඉක්මනින් පැතිරයාමට හිතකර කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින බව සඳහන් කළ ඔහු, ජනතාව සහ රාජ්‍ය, පුද්ගලික අංශ සියල්ල එකතු වී මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35