ඩුබායි තරංග නමැති සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු වන මාවතගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් කුරුණෑගලදී පොලිස් විශේෂ කර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 55 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු මත මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවී ඇත. ඔහු ඩුබායි තරංග නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් ගනුදෙනු සිදුකරන ප්‍රධානියෙකු බව හෙළිවී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1














