මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවක් ලෙස සැලකෙන ඩුබායි රාජ්‍යයේ වෙසෙන, ඩුබායි ඉෂාර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටදී පවත්වාගෙන සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 50ක් සමග අද (17) උදෑසන ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් විසින් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය සහ වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතරින් සැකකරුවන් දෙදෙනෙක් ගම්පොළ, දොළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු ගම්පොළ, මහර ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 20 සහ 22 අතර වයස් සීමාවන්ගේ පසුවන්නන් වන අතර ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය කොළඹ දී ලැබෙන බවටත් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.













