ඩිජිටල් ආර්ථික පරිවර්තනය, තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් – ජනපති

ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීම තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් වන අතර ඒ සඳහා පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් වැඩි දියුණු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටක් ලෙස තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා යම් කාලයක් ගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේ අධ්‍යාපන හා වෙළෙඳපොළ උපායමාර්ග යන ක්ෂේත්‍රවල අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසටයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ’ සමාරම්භක අවස්ථාව‍ට අද (03) පෙරවරුවේ එක්වෙමින්.

නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව “ඩිජිටල් ආර්ථිකය පණ ගන්වමු” යන තේමාව යටතේ තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් 05 වනදා දක්වා පැවැත්වෙනවා.

ඩිජිටල්කරණය පාසල් පද්ධතියට ගෙන යාමේදී ගුරුවරුන්ගේ පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතා ප්‍රයත්නයක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එහිදී තාක්ෂණික හා උපාධිධාරී යන මට්ටම් දෙකෙහිම පශ්චාත් පාසල් පුහුණු අවස්ථාවන් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලාභාංශ මත පදනම් වන හෝ ලාභාංශ මත පදනම් නොවන පුහුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී කාර්මික ක්ෂේත්‍රය යම් කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි. එසේම පුහුණු වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම ඉලක්ක කරමින් ඊට අවශ්‍ය ආයතන පිහිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඩිජිටල් ආර්ථිකයක් තුළින් ඩොලර් බිලියන 16ක වෙළෙඳපොළ ඉලක්කය සපුරා ගැනීමේ වැදගත්කම හඳුනාගෙන වෙළෙඳපොළ විනිවිද යාම සඳහා උපාය මාර්ගයක් සකස් කළ යුතු අතර වෙළෙඳපොළට පිවිසීම සඳහා හොඳින් සිතා බලා ක්‍රියාත්මක කරන සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ලෝකයේ විශාලතම ජෛවමිතික හැඳුනුම්පත් පද්ධතිය වන ආධාර් (Aadhaar) පද්ධතියේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් භූ දර්ශනයට එය ඒකාබද්ධ කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ආධාර් පද්ධතිය ලබාගැනීම ගැනීම වෙනුවෙන් ඉන්දීය රජය සමඟ සිදු කරනු ලබන සාකච්ඡා පිළිබඳ සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ රජය මගින් ප්‍රතිලාභීන් වෙත අරමුදල් ලබාදීමේදී එවැනි පද්ධතියක් පැවතීමේ වැදගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50


?