ඩ්‍රෝන තාක්ෂණයෙන් වගා සඳහා දියර ඉසීමේ වැඩසටහනක් ඇරඹෙයි

ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන වගාවන් සඳහා දියර ඉසීම පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ දී පැවැත්වුණා.

ඒ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් A.H.M.L. අබේරත්නගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාවට අම්පාර ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් චාමිනී සෝමදාස ඇතුළු ගොවිජන සංවර්ධන නිලධාරීන් රැසක් මෙන්ම ගොවියන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.

මෙම ඩ්‍රෝන යන්ත්‍රය උපයෝගී කරගෙන දියර ලීටර් 40 ක පමණ ප්‍රමාණයක් පැයක වැනි කාලයක් තුළ අක්කර 60 ක පමණ භූමියක ඉසීම සිදු කළ හැකි අතර මෙම යන්ත්‍රය ම උපයෝගී කරගෙන බීජ කිලෝ 50 ක පමණ ප්‍රමාණයක් වැපිරීමේ කටයුතු පවා සිදුකළ හැකියි.

නව තාක්ෂණය ගොවි ජනතාව අතරට ගෙන ඒමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?