ඩයලොග් ආලෝක පූජා පිංකම රුවන්වැලියේ දී අතිසාර්ථකව නිමාවෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවාසී බෞද්ධයින්ගේ අතිශය වැදගත් පොහෝ දිනයක් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දා, මෙරට ඓතිහාසික සිද්ධස්ථානයක් වන අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුව පහනින් හා විදුලි ආලෝකයෙන් එළිය කරමින්, අසිරිමත් ‘ඩයලොග් ආලෝක පූජා’ පිංකම සාර්ථකව පවත්වනු ලැබුවා.

ඩයලොග් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉකුත් පොසාන් පොහෝ දා සවස 5.30 සිට 6.30 දක්වා රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් අභියස පහන් 15,000 ක් දල්වමින් හා එම පරිශ්‍රය විදුලි බුබළු 520,000 කින් ආලෝකමත් කරමින් මෙම පිංකම පැවැත්වුණු බවයි.

බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය මිහිඳු මාහිමියන් විසින් ලංකාදීපයට රැගෙන ආ අසිරිමත් පොසොන් පුන් පොහොය නිමිත්තෙන්, බුදුන්ගේ අපරිමිත ගුණ කදම්භය සිහිපත් කර, රුවන්වැලි මහ සෑ රදුන් අභියස පහන් දල්වමින්, මහ සෑ පරිශ්‍රය විදුලි බුබුළුවලින් එළිය කරමින්, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මෙම පිංකම පැවැත්වුණු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පුරා පැයක් තිස්සේ රුවන්වැලි මහ සෑ රදුන් වෙත පිදුණු එම ආලෝක පූජාවෙන් අනතුරුව, පිංකමට එක් වූ පිරිස ඇතුළුව, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට පුණ්‍යානුමෝදනා එක්කරමින් ධර්ම දේශනාවක් ද එම පරිශ්‍රයේ පැවැත්වුණා.

රුවන්වැලි සෑය සහ අවට පරිශ්‍රය විදුලි බුබුළුවලින් ආලෝකවත් කිරීම ඩයලොග් විසින් සිදුකෙරුණේ, සැදැහැවත් බෞද්ධයින්ගේ සාදුනාද මධ්‍යයේ ය.

එම ආලෝක පූජා පිංකමට සමගාමීව, පොසොන් හා බැඳුණු මාහැඟි දානමය පුණ්‍යකර්මය පිළිබිඹු කරමින්, එම පරිශ්‍රය තුළ QR එක Scan කර නොමිලේ Data හිමිකර ගැනීමට අවස්ථාව ද ඩයලොග් සලසා තිබුණා.

ඉකුත් වෙසක් සමයේ දියත් කරන ලද, ඩයලොග් හි පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු Data දන්සල හා සමානව, මහ සෑ පරිශ්‍රයේ ස්ථාන 5 කදී එලෙස Data දීමනා පිරිනමා තිබුණා.

ශ්‍රී ලංකාවාසී ජනතාව ද එක්කර ගනිමින් මහ සෑ පරිශ්‍රයේ සිදු කෙරුණු, ‘ඩයලොග් අලෝක පූජා’ පිංකම පිළිබඳව අදහස් දක්වමින්, රුවන්වැලි සෑ චෛත්‍ය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් සඳහන් කළේ මෙලෙසින්.

“උතුම් වූ පොසොන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහ සෑ චෛත්‍ය රාජයාණන් අභියස පවත්වන ලද මෙම ආලෝක පූජා පිංකම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට මහත් ආශිර්වාදයක් වූ බවට විශ්වාසයි. මෙවැනි පුණ්‍යකර්මයක් සංවිධානය කිරීම, බෞද්ධ වටිනාකම් සහ ආගමික පුදපූජා විධි ආරක්ෂා කිරීමට ලැබෙන ශක්තියක් විදිහටයි මම දකින්නේ. ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් පෝෂණය කරමින්, ජනතාවගේ අධ්‍යාත්මික දියුණුව සඳහා මෙවැනි කටයුතු සිදුකිරීමට ඩයලොග් ආයතනයට තව තවත් ශක්තිය ලැබේවා’ යි ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන්.

මෙවැනි සුවිශේෂී ආගමික හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් නිරතුරුවම සිය බැතිබර අනුග්‍රාහකත්වය පුද කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙසින් ඩයලොග්, ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය හා සංස්කෘතිය සුරක්ෂිතව අනාගත පරපුරට දායාද කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ කැපවී කටයුතු ක‍රනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?