Empty Ad
AFC Banner
Empty Ad

ඩයනා ගමගේ “කංසා” සමග පෙරට: පනත සූදානම් – ඩොලර් ආකරයක්

සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට ගිය ඩයනා ගමගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරිය නිහඬතාවය බිඳිමින් නව ඖෂදීය නිෂ්පාදනයක් නීතිගත කිරීම පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

පනත සූදානම්

ඖෂධීය කංසා වගා කිරීම සහ අපනයනය නීතිගත කිරීම සඳහා දැනටමත් පනතක් සූදානම් වෙමින් පවතින බවයි ඩයනා ගමගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරිය හෙළිදරව් කරන්නේ.

ඖෂධීය කංසා වගා කිරීම සහ එම නිෂ්පාදන අපනයනය කිරීම නීතිගත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි මන්ත්‍රිවරිය පෙන්වා දෙන්නේ.

ඉහළ පෙළේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ කැමැත්ත

මේ සම්බන්ධයෙන් මෙරට සිටින ඉහළ පෙළේ ආයුර්වේද වෛද්‍යවරුන් සමගද සාකච්ඡා කොට ඇති බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.

ඖෂධීය කංසා කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපාරයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ජාත්‍යන්තර ණය ගෙවීම සඳහා ඉන් විශාල දායකත්වයක් ලබාගත හැකි බවයි පෙන්වා දෙන්නේ.

අති විශාල කර්මාන්තයක්

තමා කතා කරන්නේ විශාල කර්මාන්තයක් ගැන බව සඳහන් කරන මන්ත්‍රීවරිය කංසා අපනයනය සඳහාම පමණක් නොව දේශීයව ඖෂධ සෑදීමට , රූපලාවන්‍ය නිෂ්පාදනවලට , පාරිභෝගික භාණ්ඩ හා ආහාර පාන ආදී බොහෝ දේශීය ක්ෂේත්‍ර සඳහාද ප්‍රයෝජනයට ගත හැකි බව පෙන්වා දෙනවා.

කංසා මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කිරීම රටක් ලෙස අපට සිදු වුන වැරැද්දක් බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙරට පුරවැසියන් කංසා ව්‍යාපාරය විවේචනය කළද ගෝලීය වශයෙන් එය පිළිගෙන ඇති අතර ලොව රටවල් 50කට අධික සංඛ්‍යාවක කංසා වගාව සරුවට සිදුවන බවයි මන්ත්‍රීවරියගේ මතය වන්නේ.

විවේචන වලට බය නැහැ

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පසුගිය අප්‍රේල් මාසයේදී කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ යෝජනාවට දැඩි විවේචන එල්ල වුණා.

එහෙත් තමන් එවැනි විවේචන වලට බිය නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කර තිබුණේ THE MORNING පුවත්පතටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13
Video thumbnail
ආණ්ඩුව ලෙෆ්ට් - පුටුවත් ජනතාව අතරට #slfp
03:18
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48

?