ඩයනාගේ හොර උප්පැන්න නඩුවේ සාක්ෂි කැඳවීම ජූලි 23

ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේට විරුද්ධව පැවරූ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබන ජූලි 23 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ විනිසුරුවරයා මීළඟ නඩු දින පෙනී සිටින ලෙස පැමිණිල්ලේ 4 වැනි සාක්ෂිකරුට සිතාසි නිකුත් කළා.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම විත්තිකාරියගේ නම ඩයනා ගමගේ යනුවෙන් නීත්‍යනුකූල ලෙස සංශෝධනය කර නොතිබියදී එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැවටීමේ අදහසින් අංක 4658 දරණ කූඨ උප්පැන්න ලේඛනයක් පානදුරේ දී හෝ කොළඹ දී සකස් කිරීම, ඒ සඳහා අනුබල දීම යන වරදවල් සඳහා නඩු පැවරීම සිදු ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?