ඩයනාගේ හොර උප්පැන්න නඩුවේ සාක්ෂි කැඳවීම ජූලි 23

ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේට විරුද්ධව පැවරූ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබන ජූලි 23 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ විනිසුරුවරයා මීළඟ නඩු දින පෙනී සිටින ලෙස පැමිණිල්ලේ 4 වැනි සාක්ෂිකරුට සිතාසි නිකුත් කළා.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම විත්තිකාරියගේ නම ඩයනා ගමගේ යනුවෙන් නීත්‍යනුකූල ලෙස සංශෝධනය කර නොතිබියදී එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැවටීමේ අදහසින් අංක 4658 දරණ කූඨ උප්පැන්න ලේඛනයක් පානදුරේ දී හෝ කොළඹ දී සකස් කිරීම, ඒ සඳහා අනුබල දීම යන වරදවල් සඳහා නඩු පැවරීම සිදු ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22