AFC Banner
AFC Banner
Empty Ad

ඩයනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන නියෝගයක් ඉල්ලූ පෙත්සම් විභාගය ඇරඹෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ඉකුත් දා අභියාචනාධිකරනය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමක් අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වුණා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද (12) දින ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

වැඩිදුර පෙත්සම් විභාගය හෙට (13) දින තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?