ඩයනාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්

සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පෙත්සම අද එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් බවටයි සඳහන් කළේ.

පක්ෂ සාමාජිකත්වය නෙරපීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකිනෙකට වෙනස් මතභේදාත්මක තීන්දු දෙකක් ලබාදී තිබෙන පසුබිමක මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බැලීම සුදුසු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අග විනිසුරුවරයා වෙත මෝසමක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ ෆර්මාන් කාසිම් යන නීතිඥවරුන් මීට විරෝධය පළ කර සිටියා.

කෙසේ වෙතත් අදාළ මෝසම ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය නොවැම්බර් මස 27 වනදා පැවැත්වීමට පියවර ගන්නා බවත් නියෝග කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධනයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් ඩයනා ගමගේ අමාත්‍යවරිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් කටයුතු කර තිබුණා.

සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ අමාත්‍යවරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?