ටොයෝටා සමාගම වාහන මිලියනයක් නැවත කැඳවයි

එයාර් බෑග් (Air Bags) දෝෂයක් හේතුවෙන් වාහන මිලියනයකට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවීමට ටොයෝටා මෝටර් සමාගම තීරණය කර තිබෙනවා.

වාහන ආපසු කැඳවීමට 2020 සිට 2022 දක්වා කාලය තුළ නිෂ්පාදිත Toyota Avalons, Camrys, Highlanders, RAV4s, Siennas සහ Corollas සහ එම මාදිලිවල ඇතැම් දෙමුහුන් මාදිලි ඇතුළත් වනවා.

නැවත කැඳවීමේ දී Lexus මාදිලිවලට ES250 sedan සහ RX350 SUV ද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආපසු කැඳවනු ලබන වාහනවල ඉදිරිපස මගී අසුනේ නුසුදුසු ලෙස නිපදවා ඇති සංවේදක පවතින බව සඳහන්. එම සංවේදක කෙටි පරිපථයක් විය හැකි අතර එමඟින් එයාර් බෑග් පද්ධතිය මගියාගේ නිවැරදි බර තීරණය නොකිරීමට සහ ඇතැම් අනතුරුවලදී නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටයි අනාවරණ වී ඇත්තේ.

ටොයෝටා සහ ලෙක්සස් අලෙවි නියෝජිතයන් සංවේදක පරීක්ෂා කර අවශ්‍ය නම් වාහන හිමිකරුවන්ට කිසිදු වියදමකින් තොරව ඒවා ප්‍රතිස්ථාපනය කර දීමට නියමිතයි. Toyota පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මෝටර් රථ නැවත කැඳවීම සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මැද වන විට දැනුම් දෙනු ඇති.

මෙය ගතවූ මාස කිහිපය තුළ Toyota සමාගමේ මෝටර් රථ තුන්වන වරට නැවත කැඳවීමේ සිදුවීම බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කරනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී සමාගම එක්සත් ජනපදයේ 1.9m RAV4 ක්‍රීඩා වාහන ආපසු කැඳවනු ලැබුවේ තියුණු හැරීම්වලදී ගින්නක් ඇති වීමේ අවදානමක් පැවතීම හේතුවෙන්.

මෝටර් රථ නිෂ්පාදකයා ඔක්තෝබර් 26 වනදා ටොයෝටා හයිලෑන්ඩර් SUV රථ 700,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ද ආපසු කැඳවා ඉදිරිපස බම්පර් ආවරණ එකලස් කර ඇති සවි කිරීම් ප්‍රතිස්ථාපනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?