ටොයෝටා සමාගම වාහන මිලියනයක් නැවත කැඳවයි

එයාර් බෑග් (Air Bags) දෝෂයක් හේතුවෙන් වාහන මිලියනයකට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවීමට ටොයෝටා මෝටර් සමාගම තීරණය කර තිබෙනවා.

වාහන ආපසු කැඳවීමට 2020 සිට 2022 දක්වා කාලය තුළ නිෂ්පාදිත Toyota Avalons, Camrys, Highlanders, RAV4s, Siennas සහ Corollas සහ එම මාදිලිවල ඇතැම් දෙමුහුන් මාදිලි ඇතුළත් වනවා.

නැවත කැඳවීමේ දී Lexus මාදිලිවලට ES250 sedan සහ RX350 SUV ද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආපසු කැඳවනු ලබන වාහනවල ඉදිරිපස මගී අසුනේ නුසුදුසු ලෙස නිපදවා ඇති සංවේදක පවතින බව සඳහන්. එම සංවේදක කෙටි පරිපථයක් විය හැකි අතර එමඟින් එයාර් බෑග් පද්ධතිය මගියාගේ නිවැරදි බර තීරණය නොකිරීමට සහ ඇතැම් අනතුරුවලදී නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටයි අනාවරණ වී ඇත්තේ.

ටොයෝටා සහ ලෙක්සස් අලෙවි නියෝජිතයන් සංවේදක පරීක්ෂා කර අවශ්‍ය නම් වාහන හිමිකරුවන්ට කිසිදු වියදමකින් තොරව ඒවා ප්‍රතිස්ථාපනය කර දීමට නියමිතයි. Toyota පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මෝටර් රථ නැවත කැඳවීම සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මැද වන විට දැනුම් දෙනු ඇති.

මෙය ගතවූ මාස කිහිපය තුළ Toyota සමාගමේ මෝටර් රථ තුන්වන වරට නැවත කැඳවීමේ සිදුවීම බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කරනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී සමාගම එක්සත් ජනපදයේ 1.9m RAV4 ක්‍රීඩා වාහන ආපසු කැඳවනු ලැබුවේ තියුණු හැරීම්වලදී ගින්නක් ඇති වීමේ අවදානමක් පැවතීම හේතුවෙන්.

මෝටර් රථ නිෂ්පාදකයා ඔක්තෝබර් 26 වනදා ටොයෝටා හයිලෑන්ඩර් SUV රථ 700,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ද ආපසු කැඳවා ඉදිරිපස බම්පර් ආවරණ එකලස් කර ඇති සවි කිරීම් ප්‍රතිස්ථාපනය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21