ටොම් මූඩි වාර්තාවක් තබයි – දසුන් සහ කුසල් ජනිත් ගැන තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයක් ද වන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ටොම් මූඩි මහතා පසුගිය එංගලන්ත සංචාරයේ දී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණු කාර්යමණ්ඩලය පිළිබඳව විශේෂ අධීක්ෂණයක නිරතව සිටියා.

ඒ අනුව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණු විය යුතු තැන්, නිවැරැදි කරගත යුතු තැන් සහ අඩුපාඩු විය හැකි තැන් පිළිබඳව විශේෂ වාර්තාවක් නිර්මාණය කර ඇති බවත් එය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා සඳහන් කළා.

එම වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව වෙනස්කම් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර තරඟාවලියන් සඳහා තේරී පත් වූ නායක දසුන් ශානක හට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන T20 ලෝක කුසලානය දක්වා මෙහෙය වීමට ඉඩ ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇති බවට අරවින්ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

දසුන්ගේ නායකත්වය පිළිබඳව විශාල විශ්වාසයක් ඇති බවත් ඔහු යටතේ ක්‍රීඩකයන් ඉහළ දස්කම් දක්වනු ඇති බවත් අරවින්ද මහතා පවසා තිබුණා.

එහිදී අරවින්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අසීරු කාලයක් පැවැති බවත්,  නමුත් දැන් තමන් ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම දසුන් ශානක යටතේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත ආපසු ඉදිරියට එනු ඇති බව විශ්වාස කරන බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ගැටලු පැවැති බවත් සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම සියලු ගැටලු සාමකාමීව නිරාකරණය කරගැනීමට හැකි වූ බවයි.

ක්‍රීඩාවට අවධානය යොමු කිරීමෙන් හා අතීතය අමතක කිරීමෙන් කණ්ඩායමට ඉදිරියට පැමිණ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම දැන් ඉතිරිව ඇති බවද අරවින්ද මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම හිටපු නායකයා වන කුසල් ජනිත් පෙරේරාව නායකත්වයෙන් ඉවත් කර ඔහුට ඇති පීඩනය නැති කර ඇති බවත් කුසල් ජනිත් සුපුරුදු ප්‍රහාරාත්මක තරඟ ජයග්‍රහණය කරන්නාගේ තත්ත්වයට නැවත පත්වනු ඇති බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසයෙන් සිටින බවද වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08