ටොම් මූඩි වාර්තාවක් තබයි – දසුන් සහ කුසල් ජනිත් ගැන තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයක් ද වන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ටොම් මූඩි මහතා පසුගිය එංගලන්ත සංචාරයේ දී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණු කාර්යමණ්ඩලය පිළිබඳව විශේෂ අධීක්ෂණයක නිරතව සිටියා.

ඒ අනුව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණු විය යුතු තැන්, නිවැරැදි කරගත යුතු තැන් සහ අඩුපාඩු විය හැකි තැන් පිළිබඳව විශේෂ වාර්තාවක් නිර්මාණය කර ඇති බවත් එය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා සඳහන් කළා.

එම වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව වෙනස්කම් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර තරඟාවලියන් සඳහා තේරී පත් වූ නායක දසුන් ශානක හට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන T20 ලෝක කුසලානය දක්වා මෙහෙය වීමට ඉඩ ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇති බවට අරවින්ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

දසුන්ගේ නායකත්වය පිළිබඳව විශාල විශ්වාසයක් ඇති බවත් ඔහු යටතේ ක්‍රීඩකයන් ඉහළ දස්කම් දක්වනු ඇති බවත් අරවින්ද මහතා පවසා තිබුණා.

එහිදී අරවින්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අසීරු කාලයක් පැවැති බවත්,  නමුත් දැන් තමන් ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම දසුන් ශානක යටතේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත ආපසු ඉදිරියට එනු ඇති බව විශ්වාස කරන බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ගැටලු පැවැති බවත් සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම සියලු ගැටලු සාමකාමීව නිරාකරණය කරගැනීමට හැකි වූ බවයි.

ක්‍රීඩාවට අවධානය යොමු කිරීමෙන් හා අතීතය අමතක කිරීමෙන් කණ්ඩායමට ඉදිරියට පැමිණ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම දැන් ඉතිරිව ඇති බවද අරවින්ද මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම හිටපු නායකයා වන කුසල් ජනිත් පෙරේරාව නායකත්වයෙන් ඉවත් කර ඔහුට ඇති පීඩනය නැති කර ඇති බවත් කුසල් ජනිත් සුපුරුදු ප්‍රහාරාත්මක තරඟ ජයග්‍රහණය කරන්නාගේ තත්ත්වයට නැවත පත්වනු ඇති බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසයෙන් සිටින බවද වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?