ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට කෝලි ගත් තීරණය හරිම වෙලාවට ගත්තා – රවි ශාස්ත්‍රි

ලොව බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන විරාට් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කිරීම නියමිත සුදුසු කාලයේ දී ගත් වග ඉන්දීය හිටපු ක්‍රිකට් පුහුණුකරු රවි ශාස්ත්‍රී පවසනවා.

espncricinfo.com වෙබ් අඩවියට ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට පෙර තමන් සමග පෞද්ගලික සංවාදයක් පැවැත්වූ බවත්, කෝලි කළ ඇතැම් ප්‍රකාශයන් මගින් සනාථ වන්නේ එම තීරණය නිවැරදි බවටයි.

කෝලිගේ නායකත්වයෙන් යුත් ධුර කාලයෙන් වැඩි කාලයක් ඉන්දියාවේ පුහුණුකරු වූයේ ශාස්ත්‍රි වන අතර, කෝලිට මෙම තීරණය ගැන කිසිදු පසුතැවිල්ලක් නොමැති බව ද රවී ශාස්ත්‍රි පවසනවා.

එමෙන්ම කෝලිට තවමත් එක්දින සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තුළ විශාල දායකත්වයක් ඉන්දියාව සහ ක්‍රීඩාව වෙනුවෙන් ලබා දිය හැකි බවයි රවි ශාස්ත්‍රිගේ මතය වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?