ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික වාර්තාවක් වූ ඔලි පොප්ගේ ශතකය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත නායක ඔලි පොප් ශතකයක් වාර්තා කිරීමට ඊයේ (06) සමත් වුණා.

ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 07 වන ශතකය මෙය වන අතර, තරගයේ පළමු දිනය අවසන් වනවිට ඔහු ලකුණු 103ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ඔලි පොප් වාර්තා කළ මෙම ශතකයත් සමඟ වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වුණා.

ඒ, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් සිය පළමු ශතක 07 ප්‍රතිවාදී කණ්ඩායම් හතකට එරෙහිව රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එංගලන්ත ටෙස්ට් කාණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරන ඔලි පොප් මේ වනවිට සිය පළමු ටෙස්ට් ශතක 07 ප්‍රතිවාදී රටවල් 07කට එරෙහිව රැස්කරගෙන සිටිනවා.

ඒ, අනුව ඔහුගේ පළමු ටෙස්ට් ශතක හතේ වාර්තා දැක්වෙන්නේ,

135 දකුණු අප්‍රිකාවට එරෙහිව 2020 දී (ගැභා)
145 නවසීලන්තයට එරෙහිව 2022 ජුනි මාසයේදී (නොටින්හැම්)
108 පකිස්තානයට එරෙහිව 2022 දෙසැම්බර් (රාවල්පින්ඩි)
205 අයර්ලන්තයට එරෙහිව 2023 ජුනි මාසයේදී (ලෝඩ්ස්)
196 ඉන්දියාවට එරෙහිව 2024 ජනවාරි (හයිද්‍රාබාද්)
121 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2024 ජූලි මාසයේදී (නොටින්හැම්)
103* ශ්‍රී ලංකාවට එරෙහිව 2024 සැප්තැම්බර් මාසයේදී (ලන්ඩන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
88
+1
8
+1
74
+1
18
+1
8
+1
7
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13