‘ටීචර් අම්මා’ පහර දී තරුණයෙක් රෝහලේ – වෘෂණ කෝෂවලට හානි (වීඩියෝ)

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් විසින් සිදුකළ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගුරුවරිය සිදුකළ පහරදීමෙන් තරුණයාගේ වෘෂණ කෝෂවලට හානි සිදුව මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඇයගේ සැමියා සහ කළමණාකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැමියා සහ කළමණාකරු ඊයේ (09) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි නියෝග කර ඇත්තේ.

මේ වනවිට සැඟව සිටින ‘ටීචර් අම්මා’ ලෙස හඳුන්වන සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ තරුණයා 32 හැවිරිදි වියේ පසුවන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම තරුණයාගේ සහෝදරිය යැවූ වට්ස්ඇප් පණිවුඩයක් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස පහර කෑමට ලක්වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
24
+1
269
+1
28
+1
23
+1
17
+1
112
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?