‘ටීචර් අම්මා’ පහර දී තරුණයෙක් රෝහලේ – වෘෂණ කෝෂවලට හානි (වීඩියෝ)

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් විසින් සිදුකළ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගුරුවරිය සිදුකළ පහරදීමෙන් තරුණයාගේ වෘෂණ කෝෂවලට හානි සිදුව මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඇයගේ සැමියා සහ කළමණාකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැමියා සහ කළමණාකරු ඊයේ (09) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි නියෝග කර ඇත්තේ.

මේ වනවිට සැඟව සිටින ‘ටීචර් අම්මා’ ලෙස හඳුන්වන සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ තරුණයා 32 හැවිරිදි වියේ පසුවන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම තරුණයාගේ සහෝදරිය යැවූ වට්ස්ඇප් පණිවුඩයක් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස පහර කෑමට ලක්වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
24
+1
269
+1
28
+1
23
+1
17
+1
112
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44