ටීචර් අම්මාගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප

පසුගියදා රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ පහ වසර ශිෂ්‍යත්ව උපකාර පන්ති පවත්වනු ලබන, හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණු තරුණයාව ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

19 හැවිරිදි වියෙහි පසුවුණ සැකකාර තරුණයා අදාළ උපකාරක පන්ති ගුරුවරියගෙන් අඩත්තේට්ටමට ලක් වූ බවට පවසමින් කටාන පොලිසියේ පැමිණිල්ලක් සිදු කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා හයේෂිකාගේ ස්වාමිපුරුෂයා සහ ආයතන භාර කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ඉන්පසුව හයේෂිකා ප්‍රනාන්දු දින කිහිපයකට පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී ඇය ඇතුළු සෙසු සැකකරුවන් ව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

කෙසේවෙතත් චෝදනාවට ලක් වූ ගුරුවරිය විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ තරුණයා විසින් තම ආයතනයේ සේවය කරනු ලබන නවක සේවිකාවකට අකටයුතුකම් කිරීමට උත්සාහ කළ බවයි.

ඒ අනුව එම තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

කෙසේවෙතත් මෙම තරුණයාව මැයි 17 වැනිදා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියම කෙරුණේ.

නමුත් තරුණායට එරෙහිව එල්ල වී ඇති ලිංගික හිංසන චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුව හෙට (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට කටාන පොලිසියට, මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

තව ද මෙම සිදුවීමේ දී කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අනුදැනුමකින් තොරව තොරතුරු මාධ්‍යයට ලබාදීම සහ මෙම සිදුවීමේ දී ස්ථානාධිපතිවරයා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44