AFC Banner
Empty Ad
Empty Ad

ටියුෂන් පන්තියේ ගුරාගේ අමුතු වැඩේ

13 හැවිරිදි දැරියකට අතවර කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වන ගුරුවරයෙක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සැකකාර ගුරුවරයා විසින් දැරියව පොත් රාක්කයක් අසලට යවා මෙලෙස අතවරයට ලක්කර ඇති බව අනාවරණය වී ඇත.

උපකාරක පන්තිය අවසානයේ සිය පියාට දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පැවසීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේ දැරිය විසින් ගුරුවරයා දැඩි ලෙස සීරීමට ලක්කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර හෙට (1) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර දකුණ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?